ජනතාවට සහන සැලසීමට නාවික හමුදාව සුදානමින්
අයහපත් කාළගුණික තත්ත්වය හමුවේ ගංවතුර අවධානම් තත්වයක් ඇති වුවහොත් ඉන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීමට නාවික හමුදා කණ්ඩායම් 35ක් මේ වන විට සූදානම් කර තිබේ.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න පැවසුවේ බටහිර නාවික විධානය මඟින් කළුතර, රත්නපුර හා කොළඹ ප්‍රදේශ ආවරණය වන පරිදි සහන කණ්ඩායම් 26 ක් ද, දකුණු නාවික විධානය මඟින් ගාල්ල, තංගල්ල හා හම්බන්තොට ප්‍රදේශ ආවරණය වන පරිදි සහන කණ්ඩායම් 09 ක් ද සුදානමින් තබා ඇති බවයි.
එමෙන්ම අදාළ සහන කණ්ඩායම් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් අවශ්‍යතාවය මත ස්ථානගත කර ජනතාවට කඩිනමින් සහන සැළසීම සඳහා මෙලෙස සූදානමින් තබා ඇත.
Aruna