Thursday, October 31, 2024
Follow Us
ජනතාව බේර ගන්න ගුවන් හමුදාව සූදානම්

ඉදිරි අපදා තත්වයන් ගැන උඩින් බලයි


ශ‍්‍රී ලංකාව ආසන්නයේ පවතින පහල වායුගෝලීය කැලඹිලි සහගත තත්වය හේතුවෙන් ඇති විය හැකි අයහපත් කලගුණික තත්වය හමුවේ දිවයිනේ පලාත් කීපයකට ගංවතුර හා නාය යාමේ අවධානමක් ඇතිවිය හැකි බව අපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් දැනුම් දී ඇත.

ඉන් ඇතිවිය හැකි අපදා තත්වයන්ට සහන සැලසීම හා මුදවා ගැනිමේ කටයුතු සදහා ගුවන් යානා හා ඊට අදාල භට පිරිස් ස්ථානගත කර සුදානමින් තැබීමට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ විසින් මේ වනවිට උපදෙස් ලබාදී ඇත.

ඉදිරියේදි ඇතිවිය හැකි අපදා තත්වයන් පිළිබද නිරතුරු ගුවනින් නිරික්ෂණය කිරිම සදහා ගුවන් හමුදා නිරික්ෂණ ගුවන් යනා මෙන්ම අපදා තත්වයක් ඇති වුවහොත් ජනතාව හට සහන සැලසීමට හා මුදවා ගැනීමේ මෙහෙයුමි සදහා ගුවන් හමුදාව සතු හෙලිකොප්ටර් යානා මෙන්ම මුදවා ගැනිම් සදහා සුවිශේෂි පුහුණුවක් ලබා ඇති ගුවන් හමුදා රෙජිමේනතු විශේෂ බලකා භට පිරිස් සුදානමින් සිටින බව ගුවන් හමුදාව පවසයි.

Aruna