සමාජ මාධ්‍යයේ පළ කළ ඡායාරූපය
අරගලය පැවති අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවසට ඇතුළු වී විදේශ මත්පැන් බෝතල් පිටතට ගෙනා බව කියන පුද්ගලයකු හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් ලබන 07 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ (30) නියෝග කර තිබේ.
ජනාධිපති වරයාගේ නිවසට අයුතු ඇතුළු වීමක් සිදු කරමින් සොරකම් කළ විදේශ මත්පැන් බෝතලයක් සමග ඡායාරූප ගෙන ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හරින ලද ඡායාරූප සහ තොරතුරු ආශ්‍රයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
මෙම සිද්ධියට අදාළව මින් පෙරදී අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවකු දෙන ලද ප්‍රකාශ මත මෙම සැකකරු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
Aruna