QR ක්‍රමවේදය යටතේ යතුරු පැදි සහ ත්‍රී රෝද රථ සඳහා දැනට ලබාදෙන ඉන්ධන කෝටාවට වඩා වැඩි ඉන්ධන ප්‍රමාණයක් ලබාදිය යුතු බව ඛණිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න පැවසුවේ යතුරු පැදි සහ ත්‍රී රෝද රථ සඳහා සතියකට නිකුත් කෙරෙන ලීටර් 05 ක ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව පිරවුම්හල් හිමියන් වශයෙන් සිය සංගමය නිරීක්ෂණය කර ඇති බවයි. මෝටර් රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව භාවිත කිරීමේ අඩුවක් දක්නට ලැබෙන බව ද ඛණිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.
Neth