සෙවනගල OIC බන්ධනාගාරයේ සෙවනට
පොලිස් කොස්තාපල්වරියක් අතවරයට ලක් කර සැඟව සිටි සෙවණගල පොලිසියේ ස්ථානාධිපතිවරයා පොලිස් මූලස්ථානයේ කාන්තා කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය මහේස්ත්රාත් අධිකරනය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාර ස්ථානාධිපතිවරයා සැප්තැම්බර් මස 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඇඹිලිපිටිය ප්රධාන මහේස්ත්රාත් ඒ.ඒ. ප්රියංකර ලක්ෂ්මන් (29) නියෝග කරනු ලැබුවා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ සෙවණගල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති වරයා ලෙස කටයුතු කල පොලිස් පරික්ෂක කේ.වී.සී. දීපාල් නැමති අයයි.
තමන්ව අතවරයට ලක්කල බවට සෙවණගල පොලීසියේ සේවය කරනු ලැබූ ආධුනික පොලිස් කොස්තාපල්වරියක් විසින් සෙවණගල පොලිසියේ ස්ථානාධිපතිවරයාට එරෙහිව පොලිස් මුලස්ථානයට සිදුකළ පැමිණිල්ලකට අනුව පොලිස් මූලස්ථානයේ කාන්තා කාර්යංශය විසින් පරීක්ෂණ ආරම්භ
කෙරුණා.
පරීක්ෂණවලට සහය නො දක්වමින් අදලා ස්ථානාධිපතිවරයා සැඟවී සිටි අතර සිද්ධිය සම්බන්ධයෙන් දිගින් දිගට ම විමර්ෂණ කටයුතු සිදුවෙමින් පැවතීම හේතුවෙන් සැකකාර පොලිස් ස්ථානාධිපති වරයා පසුව පොලිස් මූලස්ථානයේ කාන්තා කාර්යංශයට භාර වීමෙන් අනතුරුව එම කාර්යංශයේ නිළධාරීන් විසින් සැකකාර ස්ථානාධිපතිවරයා ඇඹිලිපිටිය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.
එම අවස්ථාව වන විටත් සැකකාර ස්ථානාධිපති වරයා වෙනුවෙන් අපේක්ෂිත ඇප අයදුම්පතක් ද නීතීඥ්ය විජිත ජී. පුංචිහේවා ඇතුළු නීතීඥ කණ්ඩායමක් විසින් ඉදිරිපත් කර තිබූ නමුත් එය ප්රතික්ෂේප කළ මහේස්ත්රාත්වරයා පොලිස් ස්ථානාධිපති කේ.වී.සී. දීපාල් සැප්තැම්බර් 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරනු ලැබුවා.
Aruna