රජය මගින් යල කන්නයේ වී අස්වනු මිලදී ගත්තද මේ දක්වා ඇතැම් ගොවීන්ට ඊට අදාල ගෙවීම් සිදු කර නොමැති බව ගොවීන් පවසනවා. වී අලෙවි මණ්ඩලය ගොවීන්ගෙන් වී මිලදී ගැනීම ආරම්භ කළේ පසුගිය 18 වනදා සිටයි. එහෙත් මේ දක්වා එම ගොවීන්ට මුදල් නොගෙවීම හේතුවෙන් ඔවුන් දුෂ්කරතා රැසකට මුහුණ පා ඇති බවයි සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ.
කඩිනමින් ගොවීන්ට අදාල මුදල් ගෙවන ලෙසද ඔහු රජයෙන් ඉල්ලීමක්ද කළා.
පසුගිය 18 වනදා සිට 25 වනදා දක්වා වී අලෙවි මණ්ඩලය වී මෙටි්රක් ටොන් 5,007 ක් මිලදී ගෙන තිබෙනවා. මෙවර යල කන්නයේ වගා කළ ගොවීන්ගෙන් නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 125කටත් සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 130කටත් වී අලෙවි මණ්ඩලය මගින් මිලදී ගනු ලබනවා. එම මිල ගණන් නියම කිරීමත් සමඟ ගොවීන් පැවසුවේ වී සඳහා ගෙවන මුදල කිසිසේත් ප්රමාණවත් නොවන බවයි. කෙසේ වෙතත් අස්වනු ලබාදෙන ලෙසට අවස්ථා කිහිපයකදී රජය කළ ඉල්ලීම් හමුවේ ගොවීන් වී අලෙවි මණ්ඩලයට ඉකුත් දිනවල වී ලබා දෙනු ලැබුවා.
Neth