භාණ්ඩ 305 ක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් මෙරට මිලියන 05කට අධික පිරිසකට රැකියා අහිමිවීමේ අවධානමක් පවතින බව සුළු හා මධ්‍යම පරිමාණ ස්වාධීන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති ප්‍රසන්න ද සිල්වා නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ රජය නිසි අධ්‍යනයකින් තොරව කඩිමුඩියේ එම භාණ්ඩ ආනයනය තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි. පවතින තත්ත්වය හමුවේ සිය ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා කෝටා ක්‍රමයක් යටතේ ආනයනය අත්හිටුවා ඇති භාණ්ඩ අතරින් අත්‍යාවශ්‍යම භාණ්ඩ ආනයනය කිරීමට අවසර ලබාදෙන ලෙසද ඔහු ඉල්ලීමක් කළා.
කඩිමුඩියේ එලෙස භාණ්ඩ 305ක් ආනයනය තාවකාලිකව අත්හිටුවීමෙන් ආනයනකරුවන් මුහුණ දී ඇති තවත් ගැට`එ කිහිපයක් පිළිබඳවද ඔහු මෙලෙස කරුණු දැක්වුවා.
ආනයනය තාවකාලිකව අත්හිටවූ භාණ්ඩ අතරට ටයිල් සහ සෙරමික් වර්ග ද අයත්ව තිබුණා. එමෙන්ම ඉදිකිරීම් කර්මාන්තයේදී යොදා ගන්නා විදින උපකරණ මෙන්ම මිටිය ආදී මෙවලම් ද, කෘෂිකර්මාන්තයේදී බිම් සකස් කිරීමට යොදා ගන්නා උපකරණ ද අදාළ භාණ්ඩ ලැයිස්තුවට අයත්.
කෙසේවෙතත් ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය වාහන, කළුගල් ඇතුළු ඉදිකිරීම් අමුද්‍රව්‍ය රැසක්ද කොන්දේසි සහිතව ආනයනය කිරීමට අවස්ථාව ලබා දීමටයි රජය ඉන් අනතුරුව කටයුතු කළේ.
එහෙත් එලෙස ආනයනය කළ හැක්කේ ආයෝජන මණ්ඩලය යටතට නොගැනෙන, අනුමත සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘති, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති හා රජයේ ව්‍යාපෘති සඳහායි. මෙහිදී ව්‍යාපෘති වාර්තාවල නිශ්චිතව දක්වා ඇති වාහන හා අමුද්‍රව්‍ය ප්‍රමාණයන් දින 180ක ණයවර ලිපි යටතේ ආනයනය කළ යුතු වනවා.
Neth