නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත් කර ජාතික විදුලිබල පද්ධතියට එක් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ අනුව, මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් යලි ජාතික විදුලි පද්ධතියට එක් කළ බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමනි පැවසුවේ.
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ පළමු විදුලි ජනන යන්ත්‍රය හදිසියේ බිදවැටීමකට ලක්වූයේ ඉකුත් 15 වනදායි. එම බලාගාරයේ දෙවන යන්ත්‍රයද මේවනවිට නඩත්තු කටයුතු සිදු කරමින් ඇති බවත් ඉදිරියේදී එම යන්ත්‍රයද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් විදුලිබල මණ්ඩලය පැවසුවා. දෙවන යන්ත්‍රයෙන් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන මෙගාවොට් ප්‍රමාණය 300ක්.
කෙසේ වෙතත් නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය අඛණ්ඩව ක්‍රියාත්මකයි. එම ජනන යන්ත්‍රයෙන්ද ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300ක ධාරිතාවක් එක් කෙරෙනවා.
ඒ අනුව, නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට එක් කරන සමස්ත මොගවොට් 900න් මේ වන විට මොගවොට් 600 ක් ජාතික විදුලිබල පද්ධතියට එක්කර ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ.
මේ අතර නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගල් අඟුරු ප්‍රසම්පාදනය සඳහා ලැබුණු අවම ලංසුවට ඊට අදාල ටෙන්ඩරය ප්‍රධානය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව, ගල් අඟුරු නැව් ගත කළ දිනයේ සිට සැපයුම්කරු මාස 06ක ණය පහසුකමක් ලබාදෙනු ඇති. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ ටෙන්ඩර් නිකුත් කිරීම නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින් සිදු කළ බවයි.
Neth