විශාලතම මැණික් ගල මාස හයක් තිස්සේ ස්විස්වල
ආසියාවේ විශාලතම මැණික් ගල බව කියන රත්නපුරයෙන් හමු වූ ආරනූල් වර්ගයේ මැණික අලෙවි කිරීම සඳහා මීට හය මසකට පෙර ස්විට්සර්ලන්තයට රැගෙනගියත් මෙතෙක් විකුණා ගැනීමට නොහැකි වී ඇතැයි මැණික් හා ස්වර්ණාභාරණ අධිකාරිය පවසයි. අලෙවි කිරීමට හෝ පරික්ෂා කිරීම් සඳහා මාස තුනක කාලයකට රැගෙන ගිය මෙම මැණිකේ වටිනාකම රුපියල් කෝටි 2000 ඉක්මවන බව අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.
මැණික් හා ස්වර්ණාභරණ පනත යටතේ පරික්ෂා කිරීමට හෝ අලෙවි කිරීමට රැගෙන ගිය මැණිකක් මාස තුනක කාලයකින් යළි ගෙන්වා ගත යුතුයි. එහෙත් කාලය දීර්ඝ කරමින් මෙම මැණික ස්විසර්ලන්තයේ තබා ගැනීමට සංස්ථාව කටයුතු කර තිබේ. කිලෝග්‍රෑම් 530ක් බරැති මෙම මැණික් ගල විදේශීය රටකට ගෙන යාමේ දී ලබා ගත යුතු 25% තැන්පතුවද නොමැතිව රැගෙන ගොස් ඇති බව අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කරයි. නමුත් මැණික් ගල පරික්ෂා කිරීම සඳහා රැගෙන යාමට අවශ්‍ය මුදල වන රුපියල් දහසක මුදල පමණක් අධිකාරියට ගෙවා තිබේ. මෙම මැණික් ගලේ හිමිකරුගෙන් එය ලබාගෙන අධිකාරියේ මැදිහත්වීමෙන් ස්විට්සර්ලන්තයට රැගෙන ගොස් තිබේ.
Aruna