තමන් ඇණවුම් කළ ඉන්ධන තොග ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලබානොදෙන බව ඛණිජ තෙල් බෙඳුම්කරුවන්ගේ සංගමය පවසනවා. එහි උපසභාපති කුසුම් සදනායක පැවසුවේ ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව යලිත් පෝලිම් හටගෙන ඇත්තේ මේ හේතුවෙන් බවයි.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව මෙන්ම IOC සමාගම සතුවද මේවනවිට ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග නොමැති බවටද ඔහු පැවසුවා. ඇතැම් පිරවුම්හල්වලට දින කිහිපයකින් ඉන්ධන ලැබී නොමැති බවයි උපසභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මේවන විටත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක් වසාදමා ඇති බවයි ඛණිජ තෙල් බෙඳුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සදනායක පැවසුවේ.
පසුගිය 24 වනදා සුපර් ඩීසල් නෞකාවක් දිවයිනට පැමිණියද එහි ගොඩබෑමේ කටයුතු ඊයේ පස්වරුව දක්වා ප්‍රමාද කිරීමට සිදු වුණා. බැංකු නිෂ්කාශන කටයුතුවලදී ඇතිවූ ප්‍රමාදයක් හේතුවෙන් සුපර් ඩීසල් නෞකාවේ ගොඩබෑම් ප්‍රමාද වූ බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ. පෙට්‍රල් බෙදාහැරීම ද මේ හේතුවෙන් ප්‍රමාද වූ බව අමාත්‍යවරයා සඳහන් කළා.
බොහෝ පිරවුම්හල් වෙත පෙට්‍රල් සහ ඩීසල් තොග එකවර ප්‍රවාහනය කිරීම හේතුවෙන් ඩීසල් තොග ගොඩබෑම ප්‍රමාදවූ බවයි ඔහු පැවසුවේ. කෙසේවෙතත් ඩීසල් තොග ගොඩබෑම මේ වන විට ආරම්භ කර ඇති බැවින් ඊයේ රාත්‍රියේ ද බෙදා හැරීම් සිදුකරමින් සිදුවූ ප්‍රමාදයන් ආවරණය කර ගැනීමටයි බලශක්ති අමාත්‍යංශය මේ වන විටත් කටයුතු කර ඇත්තේ.
මේ අතර ඔටෝ ඩීසල් නෞකාවක් ද ඊයේ රාත්‍රියේ මෙරටට ලඟා වන බවත්, එහි ගොඩබෑමේ කටයුතු අද දිනයේදී සිදුකරන බවත් අමාත්‍යවරයා ඊයේ ට්විටර් සටහනක් තබමින් සඳහන් කළා.
Neth