ෆයිසර් ආයතනය එන්නතේ කාලය දීර්ඝ කරයි
කල් ඉකුත් වූයේ යැයි සිතා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ වර්ධක මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාගැනීමට කිසිසේත් බිය නොවිය යුතු බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පැවසීය.
ෆයිසර් ආයතනය විසින් මෙම එන්නතේ කාලය දීර්ඝ කර ඇත්තේ යුරෝපීය වෛද්‍ය සභාවේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්‍රියකාරි විද්‍යාඥ කමිටුවේ අනුමැතිය මත බවද හෙතෙම කීවේය.
එන්නත්වල කල් ඉකුත්වීමේ කාල සීමාව දීර්ඝ කරනු ලබන්නේ ලෝකය පිළිගත් නෛතික ක්‍රියාදාමයට අනුව බවත් ෆයිසර් ආයතනය ද මෙම එන්නත්වල කාලය දිර්ඝ කර ඇත්තේ එම ක්‍රියාදාමයට යටත්ව බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය. එම නිසා මෙම වර්ධක මාත්‍රාව ලබාගැනීම ආරක්ෂා සහිත බවද ඔහු අවධාරණය කළේය.
අවුරුදු දොළහත් – විස්සත් අතර වයසේ පසුවන පාසල් සිසුන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ දෙවැනි මාත්‍රාව පාසලෙන් ලබා ගැනීමට නොහැකි නම් ළඟම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් එය ලබාගන්නා ලෙසද වසංගත රෝග විද්‍යා අංශය දැනුම් දෙයි.
බූස්ටර් එන්නතේ මාත්‍රා ලක්ෂ හැටකට වැඩි ප්‍රමාණයක් මේ වනවිට ඉතිරිව ඇති බව ද සමිත ගිනිගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Aruna