Friday, November 01, 2024
Follow Us
පන්සල්වලින් ලංවිමට මිලියන 29ක් පොලු

මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් හෙළිදරව්වක්


ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් මිලියන 29 ක මුදලක් මෙරට විහාරස්ථානවලින් අයවීමට තිබෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව කියා සිටී.

එලෙස මුදල් නොගෙවා ඇති සියලුම විහාරස්ථාන නගරබදව පිහිටි කිසිදු මූල්‍යමය ගැටලුවක් නැති විහාරස්ථාන බවත් එක් විහාරස්ථානයකින් රුපියල් මිලියන 3 ක පමණ විදුලි ගාස්තුවක් මණ්ඩලයට අය වීමට තිබෙන බවත් මෙම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පෙන්වා දුන්නේය.

පසුගිය වසරේ (2021)දී මෙම මුදල අය කරගැනීමට තිබුණ ද තවමත් එම මුදල් ලැබී නොමැති බවත් ඉතාමත් ආර්ථික ගැටලු මැද පවතින පහසුකම් අඩු ගම්බද විහාරස්ථානවලින් නියමිත දිනට විදුලි බිල ගෙවන බව ඔහු පැවසීය.

විදුලි බිල ගෙවා නොමැති බැවින් එම විහාරස්ථානවල විදුලිය විසන්ධි කිරීමට කටයුතු කරන විට එම විහාරස්ථානවල ස්වාමින් වහන්සේලා දේශපාලන සම්බන්ධතා මාර්ගයෙන් ඒ පිළිබඳව විදුලි බල මණ්ඩලයට දන්වා එම ගෙවීමේ කටයුතුවලින් නිදහස් වන බව සභාපතිවරයා කියයි.

මණ්ඩලයේ වගකිව යුතු නිලධාරීන් එවිට එම මුදල් අය කරගැනීම පසෙක දමා තවදුරටත් එම ස්ථානවලට විදුලි සැපයුම ලබාදීමට කටයුතු කරන බව හෙතම පැවසුවේය. විදුලි බල මණ්ඩලය පාඩු ලබමින් සිටින තත්ත්වයක මෙම විදුලි බිල් අයකර ගැනීමට උනන්දුවක් නොදැක්වූව ද ඔවුන්ට වැටුප් ගෙවීම සඳහා අවසානයේ වැය වන්නේ ද ජනතාවගේම මුදල් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Aruna