විදුහල්පතිවරයෙකුගේ විශ්‍රාම වැටුප් අත්හිටුවයි
කොළඹ ජනප්‍රිය පාසලක පුස්තකාලයේ ලේඛනගතව ඇති පොත් අටදහසක් ඉන් අතුරුදන් වී ඇති බව එම පාසලේ විදුහල්පතිවරයා විශ්‍රාම යාමෙන් පසු අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ දී අනාවරණය වී ඇත්තේ ජාතික පාසල් පුස්තකාලවලට පොත් මිල දී ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය වාර්ෂිකව ලබා දෙන මුදලින් පොත් මිලදී ගත් බවට ව්‍යාජ පරිග්‍රහණ ලේඛන සකස් කර ඇති බව ය.
පොත් මිල දී ගැනීම සඳහා පසුගිය කාලය පුරාම වසරකට රුපියල් ලක්ෂ එකහමාර බැගින් ජාතික පාසල්වලට ලබා දුන් අතර මෙම විදුහල්පතිවරයා වසර ගණනක් ම එම මුදලින් පොත් මිල දී ගෙන නොමැති බවට විමර්ශන නිලධාරීහු සැක පහළ කරති.
පරිග්‍රහණ ලේඛනයේ ඇතත් පුස්තකාලයේ පොත් නොමැති බව අනාවරණය වී ඇත්තේ විදුහලට අලුතින් පැමිණි විදුහල්පතිනිය කරන ලද සොයා බැලීමේ දී ය.
එමෙන් ම මෙම විදුහල්පතිවරයා රාජකාරියේ යෙදී සිටියදී පාසලේ ප්‍රධාන ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම සඳහා පාසල් සංවර්ධන කමිටුවෙන් රුපියල් අටලක්ෂයක් වෙන් කරගෙන ඇතත් එම මුදලින් ද කිසිදු අලුත්වැඩියාවක් කර නොමැති බවත් මේ වන විට හෙළි වී ඇත. ඒ සම්බන්ධයෙන් ද මේ වන විට පරීක්ෂණයක් පැවැත්වෙන බව අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
මෙම චෝදනා හේතුවෙන් මෙම විදුහල්පතිවරයාගේ විශ්‍රාම වැටුප ද අත්හිටුවා තිබේ.
Aruna