Friday, November 01, 2024
Follow Us
දේශීය කිරිපිටි නිෂ්පාදනයේ අඩුවීමක්

එළදෙනුන් ගැබ් ගැනීම වසර පහක් තිස්සේ අඩාල වෙලා


රටේ ප්‍රමාණවත් පරිදි කිරි නිෂ්පාදනක් සිදු නොවන බැවින් කිරි පිටි ඇතුළු නිෂ්පාදන වැඩි කිරීමට නොහැකි බව මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා පැවසීය.

හයිලන්ඩ් කිරිපිටි ඇතුළු නිෂ්පාදන සඳහා දිනකට කිරි ලීටර් ලක්ෂ හයක් පමණ අවශ්‍ය වූවත්,දිනකට ලැබෙන කිරි ප්‍රමාණය ලීටර් 140,000 ක් දක්වා අඩුවී ඇතැයිද ඔහු කීවේය.

එළදෙනුන් ගැබ් ගැනීම ඉතා අඩුවී තිබෙන බවත්,මේ නිසා දියර කිරි නිෂ්පාදනය අඩුවී ඇති බවත් ඔහු පැවසුවේය. එළදෙනුන් ගැබ් ගැනීමේ ක්‍රියාවලිය වසර පහක් තිස්සේ අඩාලවී ඇති බවද ඔහු පැවැසීය.

මිල්කෝ ආයතනය දියර කිරි නිෂ්පාදනයට මුල්තැන දී කටයුතු කරන බවත්,වෙළඳ පොළට නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් පරිදි කිරිපිටි නිෂ්පාදනය නොකෙරෙන බවත් ඔහු පැවසීය.

Aruna