මුදලාලි හාමිනේගේ බඩට පිහියෙනුත් ඇනලා
13 හැවිරිදි පිරිමි ළමයකු පිහියක් රැගෙන බණ්ඩාරගම නාමළුව ප්‍රදේශයේ වෙළෙඳසලකට පැන මුදල් කොල්ලකෑමට උත්සාහ දැරීමේදී එය වැළැක්වූ වෙළෙඳසල් හිමිකාරිනියට පිහියෙන් පහර දී තුවාල සිදුකර පලා ගොස් සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
එම පහර දීමෙන් 33 හැවිරිදි වෙළෙඳසල් හිමිකාරියගේ උදර ප්‍රදේශයට සහ දකුණු අතෙහි උර බාහුවට තුවාල සිදුවී ඇත.
සැකකාර පිරිමි ළමයා එම වෙළෙඳසලට ඇතුළු වී ලාච්චුවට අත දමන අවස්ථාවේදී වෙළෙඳසල් හිමිකාරිය ඒ බව දැක බැණ වැදී ඇති අතර එම අවස්ථාවේදී අත තිබූ කුඩා පිහියකින් වෙළෙඳසල් හිමිකාරියට තුවාල සිදුකර පලාගොස් තිබූ බව පොලිසිය කියයි.
සැකකාර පිරිමි ළමයා මීට පෙර අවස්ථා කිහිපයකදී ද සිය වෙළෙඳසලේ මුදල් කොල්ල කෑමට උත්සහ දැරූ බවට වෙළෙඳසලේ හිමිකාරිය කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.
තුවාල ලද කාන්තාව බණ්ඩාරගම දිසා රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබාගෙන ඇති අතර කැපුම් තුවාල දරුණු නොවන බව එය පරීක්ෂා කළ වෛද්‍යවරයා විසින් පවසා තිබූ බව පොලිසිය කීය.
සැකකාර පිරිමි ළමයාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව දෙමාපියන් වෙත භාරදීමට කටයුතු කළ බවත් අද (22) දින පානදුර මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කරන බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. සී. රාජපක්ෂගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.
Aruna