Friday, November 01, 2024
Follow Us
සපුගස්කන්ද පිරිපහදුවට ගෙනා බොර තෙල් ගැන වෘත්තීය සමිති වලින් චෝදනාවක්

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යලි ආරම්භ කිරීම සඳහා මෙරටට ආනයනය කරන ලද්දේ ප්‍රමිතියෙන් හොදම තත්ත්වයේ බොරතෙල් වර්ගයක් නොවන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති පවසනවා.



ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල සදහන් කළේ පිරිපහදුවට මෙම බොරතෙල් වර්ගය යෙදවීමෙන් එහි උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි බවයි.

සතියක කාලයක් තුළ පෙට්‍රල් හැර අනෙකුත් ඉන්ධන වර්ග තෙල් පිරිපහදුවෙන් නිකුත් කිරීමේ හැකියාව පවතින බවද ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මෙහිදී සඳහන් කළා.

මේ අතර තවත් සතියකින් පමණ පසු සපුගස්කන්ද ඛණිජ තෙල් පිරිපහදුවේ කටයුතු උපරිම ධාරිතාවයෙන් සිදු කිරීමට නියමිත බවයි එහි ජේෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ.

කෙසේ වෙතත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ මෙම සතියේ මෙට්ට්‍රික් ටොන් එක් ලක්ෂ 20,000ක් රැගත් බොරතෙල් නෞකාව මෙරටට ලඟා වීමට නියමිතව ඇති බවයි.

එම නෞකාවේ බොරතෙල් ගොඩබෑමෙන් පසු දින 40 ක කාලයක් තෙල් පිරිපහදුවේ කටයුතු උපරිම ධාරිතාවයෙන් සිදු කිරීමට හැකියාව පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

Neth