ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් ජනතාවට දැනුම්දීමක්
සතියකට වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව එක්දහස් පන්සිය (1500) දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර පැවසීය.
එසේම මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව පනස්දහස් පන්සීයක් (50500) පමණ බව ජාතික ඩෙංගු මර්දන ඒකය සඳහන් කරයි. වැඩිම රෝගීන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තාවන අතර මහනුවර, ගාල්ල, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලින් සැලකිය යුතු රෝගීන් ප්‍රමාණයක් වාර්තාවන බව අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.
මේ දිනවල ඩෙංගු, කොරෝනා හා ඉන්ෆ්ලුවෙන්සා ව්‍යාප්තව පවතින බැවින් රෝග ලක්ෂණ පිළිබඳව සැලකිලිමත් වී වෛද්‍ය උපදෙස් ලබාගන්නැයි වෛද්‍ය සුදත් සමරවීර ජනතාවට දැනුම්දීමක් කරයි.
එසේම දින තුනකට වඩා උණ රෝගය පවතීනම් සම්පූර්ණ රුධිර පරීක්ෂණයක් සිදු කිරීම වැදගත් බවද වෛද්‍යවරු පෙන්වා දෙති.
Aruna