Friday, November 01, 2024
Follow Us
පෞද්ගලික බස් 100 කට වැඩ වරදී

බස් ධාවනය ගැන දිවයින පුරා වැටලීම්


නියමිත ගාස්තුව ඉක්මවා මුදල් අය කළ පෞද්ගලික බස්රථ 100 කට අධික සංඛ්‍යාවකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

දීපව්‍යාප්තව කළ වැටලීම්වලදී මෙම බස් රථ හඳුනාගත් බවත් ඔවුන්ට එරෙහිව නියමිත ගාස්තුවට වැඩියෙන් අය කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම හා ප්‍රවේශපත් නිකුත් නොකිරීම යන චෝදනා යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් එහි අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය නිලාන් මිරැන්ඩා සඳහන් කළේය.

එවැනි සිදුවීම් පිළිබඳ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.

Aruna