QR ක්‍රමවේදය හරියට ක්‍රියාත්මක නොකළොත් වෙන දේ මෙන්න
පිරවුම්හල් 12කට ඉන්ධන බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
අමාත්‍යවරයා සදහන් කළේ QR ක්‍රමවේදය භාවිත කිරීමේදී ඉන්ධන පිරවුම්හල් කටයුතු කර ඇති ආකාරය ගැන සිදුකළ නිරීක්ෂණ සම්බන්ධයෙන් අද (19) පැවති විශේෂ සාච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි.
අදාළ පිරවුම්හල් 12 ඉන්ධන අවසර පත හෙවත් QR ක්‍රමවේදය අවම ලෙස දායකවීම මීට හේතුව බව අමාත්‍යවරයා පැවසීය.
QR ක්‍රමවේදය භාවිත කිරීමේදී ඉන්ධන පිරවුම්හල් කටයුතු කර ඇති ආකාරය ගැන ඉදිරියටත් නිරීක්ෂණය කරන බවත්, මේ වන විට ලැබී ඇති මහජන පැමිණිලි ලෙස ලැබී ඇති තොරතුරු අදාළ පොලිස් ස්ථාන වෙත ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.
Aruna