Friday, November 01, 2024
Follow Us
ඔමික්‍රොන් ආසාදිත ළමයින්ට තද උණ

දරුවාට උණ නම් කළ යුතු දේ මෙන්න


ඔමික්‍රොන් වයිරස ප්‍රභේදය ආසාදනය වීමත් සමග කුඩා ළමයින්ට තද උණ ඇතිවීමේ අවදානමක් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය කෝසල කරුණාරත්න පවසයි.

ඊයේ (17) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළේ උණ සෑදුනු ළමයෙකුට දෙවන දිනයේදි තද උණ පවතින්නේනම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුකරන ලෙසය.

එවැනි තත්ත්වයක සිටින ළමයෙකුට කඩිනමින් රැපිඩ් ඇන්ට්ජන් පරික්ෂණයක් හෝ ඩෙංගු ඇන්ටිජන් පරික්ෂණයක් සිදු කිරීම වැදගත් බවද හෙතෙම සඳහන් කළේය. එසේම නිවසේ සිටියදි උණ පවතීනම් වෙනත් වේදනානාශක නොදී පැරසිටමෝල් පමණක් දීමට කටයුතු කිරීම වැදගත් බවද ඔහු අවධාරණය කරයි. එමෙන්ම උණ පවතීනම් ළමයින් මෙන්ම ගුරුවරුද පාසලට නොයන ලෙස විශේෂඥ වෛද්‍ය කෝසල කරුණාරත්න ඉල්ලීමක් කරයි.

Aruna