මහනුවර ප්‍රදේශ කිහිපයකට පැය 14ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.
හෙට පස්වරු 05 සිට සිකුරාදා පෙරවරු 07 දක්වා එළෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ සරසවි මාවත නවයාලතැන්න, ගංඟා මාවත, වත්තේගෙදර, උඩතලවින්න, ගලදෙනිය, ඉන්ද්‍රා මාවත, පල්ලේතලවින්න, උස්සාගොඩ, බතල වත්ත සහ පොල්ගොල්ල ප්‍රදේශ සඳහායි.
එළෙස ජල සැපයුම අත්හිටවනු ලබන්නේ මහනුවර උතුර ඒකාබද්ධ ජලසම්පාදන ව්‍යාපෘතිව මඟින් නවයාලතැන්න මංසන්දියේ ජලනල සබදතාව ලබාදීම හේතුවෙන් බවයි ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පැවසුවේ.
Neth