භූමිතෙල් ලීටරය රු. 200කින් ඉහළ දැමීමේ සූදානමක්
ලෝක වෙලෙදපලේ මිලට සාපේක්ෂව මෙරට ඩීසල් හා පෙට්‍රල් ලීටරය රුපියල් 70 බැගින් මිළ අඩු කළ හැකි බව සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පෙන්වා දෙයි.
එහි කැදවුම්කරු ආනන්ද පාලිත (16) කොළඹදි පැවති මාධ්‍ය හවමුවකට එක්වෙමිනුයි මේ බව සදහන් කළේය.
ඊයේ මධ්‍යම රාත්‍රීයේ ඉදලා ඉන්ධන මිල සංශෝධනය වෙන්න ඔ්නේ. ඇමතිවරය කියපු කරුණු අනුවත්, ගණනය කරන ක්‍රමවේද අනුවත්.
ඒවා සංශෝධනය කරනවා කියන්නේ වැඩි නෙමෙයි, දැන් තියෙන තත්ත්වය අනුව ලෝක වෙළෙදපොළේ ඩොලර් 27කට වඩා බොරතෙල් බැරල් එකක් මේ ආණ්ඩුවත්, ගිය ආණ්ඩුත් හැම ආණ්ඩුවක්ම විපක්ෂයේ ඉන්නකොට කියපු දේ තමයි ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිල අඩු නම් ඒ සහනය ජනතාවට දිය යුතුයි කියන එක. මිල සූත්‍රය හදලා කිව්වෙත් ඒකයි.
Aruna