Friday, November 01, 2024
Follow Us
රාජ්‍ය ආයතන 52ක පාඩුව බිලියන 860ක්

රාජ්‍ය ආයතන ගැන අනාවරණයක්


2022 වසරේ පළමු මාස හතර තුළ ප්‍රධාන රාජ්‍ය ආයතන 52ක සමස්ත පාඩුව, 2021 දී වාර්තා වූ මුළු වාර්ෂික අලාභයට වඩා ඉහළ ගොස් ඇති අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදේශ විනිමය අර්බුදය හේතුවෙන් එම ආයතන සියල්ලේ සමස්ත අලාභයෙන් සියයට 73ක් වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධ තොරතුරු වාර්තා කරන PublicFinance.lk වෙබ් අඩවිය අනාවරණය කරන ආකාරයට, 2022 වසරේ පළමු මාස හතර තුළ, ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 52ක සමස්ත පාඩුව රුපියල් බිලියන 860ක අතිවිශාල අගයකි. 2021 වසරේදී වාර්තා වී ඇති එම පාඩුව රුපියල් බිලියන 86කි.

රුපියල අවප්‍රමාණය වීම නිසා දැඩි ලෙස බලපෑම් එල්ල වූ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාඩුව මෙම වසරේ පළමු මාස හතර තුළ රුපියල් බිලියන 628 දක්වා පුළුල්වී ඇති අතර, එම පාඩුව 2021 සමස්ත වසරේ වාර්තාවී ඇත්තේ රුපියල් බිලියන 82ක් වශයෙනි. පළමු මාස හතර තුළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විදේශ විනිමය පාඩුව පමණක් රුපියල් බිලියන 550ක් වේ. එය, 2021 වසරේ එම කාලය තුළ වාර්තා වූ රුපියල් බිලියන 26ට වඩා 21 ගුණයකින් වැඩිය.

මීට අමතරව, ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ලංකා විදුලිබල මණ්ඩලය මෙම සමස්ත අලාභයට දායක වී ඇති අනෙකුත් ප්‍රධාන දායකයන් දෙදෙනා වේ. ඒ අතරින්, 2021 වසරේ වාර්තා වූ රුපියල් බිලියන 171 ක වාර්ෂික පාඩුව හා සසඳන විට ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් 2022 මාස හතරක කාලය සඳහා රුපියල් බිලියන 248 ක අලාභයක් ලබා ඇත. ලංවිම වාර්ෂිකව හා සසඳන විට 2022 පළමු මාස හතර සඳහා රුපියල් බිලියන 47 ක අලාභයක් ලබා ඇති අතර, 2021 සමස්ත වසරේදී ලබා ඇති පාඩුව රුපියල් බිලියන 21කි.

Aruna