Friday, November 01, 2024
Follow Us
2600 ටිකට් එක 7600ට විකුණලා

රට යුවළකට වැඩි මිලට කෝච්චි ටිකට්ටුව වික්ක සැකකරුට වැඩ වරදී


මහනුවර දුම්රිය ස්ථානයේ දී විදේශීය යුවළකට වැඩි මිලට දුම්රිය ප්‍රවේශ පත්‍රයක් අලෙවි කළ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් 2600 ක ප්‍රවේශපත්‍රය සැකකරු විසින් රුපියල් 7300 කට අලෙවි කර ඇති බවයි පොලිසිය සඳහන් කලේය.

සැකකරු මෙම ප්‍රවේශ පත්‍රය අලෙවි කරමින් සිටියදී දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන පොලීසියට භාර දී තිබෙනවා.

ඔහු සතුව තිබී තවත් වෙන් කරන ලද දුම්රිය ගමන් බලපත්‍රයක්ද සොයා ගෙන තිබේ.

64 හැවිරිදි සැකකරු අද(14) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Aruna