කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සියදිවිනසා ගැනීම්ද ඉහළ යයි
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සියදිවිනසා ගැනීම් සහ අඩුවයසින් ගැබ් ගැනීම් ඉහළ ගොස් ඇතැයි සමීක්ෂණයකදී තහවුරු විනැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය නොවීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයන් වෙත මනෝ වෛද්‍ය විශේෂඥවරුන් අනුයුක්ත කිරීම සහ මනෝ උපදේශයන් අනුයුක්ත කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි එම ප්‍රකාශකයා පැවැසීය.
විශේෂයෙන්ම පාසල් ගොස් අවසන් වීමට පෙර ගැහැණු දරුවන් පිරිමින් සමග එකට ජීවත් වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබීම හා මෙහි ප්‍රතිඵලයක් ලෙස අඩුවයසින් ගැබ්ගැනීම් ඉහළ ගොස් ඇති බවක් මෙම දිස්ත්‍රික්කයේ පෙන්නුම් කරන බව ද එම ප්‍රකාශකයා පැවැසීය.
මෙම අඩුපාඩු හඳුනාගෙන ඒ සඳහා ඉක්මනින් විසඳුම් ලබා දීම සඳහා සෞඛ්‍ය ලේකම් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු කණ්ඩායමක් උතුරු ප්‍රදේශයේ සංචාරයක නිරත වන බවද ඔහු පැවැසීය.
Aruna