ඥානක්කාගේ නිවසේ අලුත්වැඩියා කටයුතු යුද හමුදාව කරයි
අනුරාධපුර ‘ඥානා අක්කා’ නමැත්තියගේ නිවසට සහ දේවාලයට තවදුරත් යුද හමුදා ආරක්ෂාව යොදවා ඇති අතර, පසුගියදා ගිනි තැබූ ඇයගේ නිවසේ අලුත්වැඩියා කටයුතු සිදුකරනු ලබන්නේද යුද හමුදා සෙබළුන් විසින් බවට තොරතුරු අනාවරණය වේ.
අනුරාධපුර නුවර වැව ආසන්නයේ පිහිටා තිබෙන ඥානා අක්කාගේ නිවසද ඉකුත් මැයි මස 09 වැනිදා කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කළහ.
එමෙන්ම ඇගේ දේවාලයටද හෝටලයටද පහරදී දැඩි ලෙස අලාභහානි කර තිබුණි.
යුද හමුදාවේ ඉහළ නිලධාරීන් සහ ප්‍රබල දේශපාලනඥයින් රැසක් ඇයගෙන් ගුප්ත විද්‍යාත්මක උපදෙස් හා විවිධ ආරක්ෂාවන් කර ගැනීමට නිරතුරු පැමිණෙති.
මැයි 09 වැනිදා සිට ඇයගේ නිවසට, දේවාලයට සහ හෝටලයට හමුදා ආරක්ෂාව යොදවා තිබුණි.
මේ පිළිබඳව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර්, රෝහාන් ප්‍රේමරත්නගෙන් විමසීමේදී කියා සිටියේ ඇයගේ නිවසට යුද හමුදා ආරක්ෂාව යොදවා ඇතත්, නිවසේ අලුත් වැඩියා කටයුතු සිදු කරන්නේ යුද හමුදාවෙන් නොවන බවය.
‘‘ගිනි තැබූ සහ ගිනි තැබීමට උත්සාහ කළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෑම ස්ථානයකටම ආරක්ෂාව තවදුරටත් යොදවා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ෂෙහාන් සේමසිංහ, එස්.එම්. චන්ද්‍රසේන, චන්න ජයසුමන යන අයගේ සේම නගරාධිපති නිල නිවසටද තවදුරටත් ආරක්ෂාව යොදවා ඇතැයිද ඔහු කීවේය. ඇයගේ නිවස ඉදිකිරීමට යුද හමුදාව යොදවා තිබෙන ආරංචිය බොරු ආරංචියක් බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
Aruna