Wednesday, October 23, 2024
Follow Us
රණවිරු ගැටලුව මහ නාහිමියන් ලගට

වැටුප් ගැටලුව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී ආරම්භ කළ අඛණ්ඩ විරෝධතාවය තවදුරටත් ක්‍රියාත්මකයි.

ඔවුන්ගේ ඉල්ලීම් කඩිනමින් ඉටුකර දීමට ආණ්ඩුව ක්‍රියාකළ යුතු බව මහ නා හිමිවරුන්ගේද අදහස බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමි පෙන්වා දෙයි.

ඉකුත් 11 වැනිදා ආරම්භ කළ අඛණ්ඩ විරෝධතාවයේ නිරත රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සාමාජිකයින් මේ වන විටද කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසළ රැදී සිටිනු දක්නට ලැබේ.

මිය ගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ද (15) විරෝධතාවයට සහය පළ කළේය.

එමෙන්ම සිවිල් වැසියන් කිහිප දෙනෙකුද විරෝධතාවයට සහය පළ කරමින් ඊට එක් වූ අතර සිවිල් සංවිධාන නියෝජිතයින්, දේශපාලනඥයින් ඇතුළු පිරිසක්ද විරෝධතාකරුවන්ගේ සුවදුක් විමසීමට පැමිනියේය.

මේ අතර රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සාමාජිකයින් පිරිසක් අද අස්ගිරි පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමි බැහැ දැක සිය ගැටලුව පැහැදිලි කළේය.

අනතුරුව එම පිරිස අස්ගිරි පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන්ද බැහැදුටුවේය.

(Lanka Leads)