Wednesday, October 23, 2024
Follow Us
ශවේන්ද්‍ර පත්කිරීම ස්වාධීන තීරණයක්: ඊට කාටවත් බලපෑම් කරන්න බැහැ… ජිනීවා ශ‍්‍රී ලංකා තානාපති මානව හිමිකම් කොමිසමට කියයි

යුද හමුදාපති ධුරයට ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීම ජනපතිවරයාගේ ස්වෛරී තීරණයක් බවත් ඊට විරෝධතා එල්ල කිරීම සහ බලපෑම් කිරීමට කිසිදු රටකට නොහැකි බවත් ජිනීවාහි ශ‍්‍රී ලංකා තානාපතිවරයා මානව හිමිකම් සමුළුව අමතමින් ප‍්‍රකාශ කර ඇත.

ශ‍්‍රී ලංකා තානාපති අබ්දුල් අසීස් මහතා මෙම ප‍්‍රකාශය කළේ බි‍්‍රතාන්‍ය ඇතුළු රටවල් හයක් නව හමුදාපතිවරයාට එරෙහිව කළ ප‍්‍රකාශය සම්බන්ධයෙනි.

බි‍්‍රතාන්‍ය – කැනඩාව, ජර්මනිය, මොන්ටිනිග්‍රෝ සහ මැසිඩෝනියාව යන රටවල් පැවසුවේ ශවේන්ද්‍ර සිල්වා පත්කිරීම සිදුනොවිය යුතු බවයි.

මෙහිදී සමුළුව ඇමතූ ශ‍්‍රී ලංකා තානාපති අසීස් මහතා ශ‍්‍රී ලංකා රජය හදිසි නීතිය ඉවත් කළ අතර රතුකුරුස සංවිධානයට සිරකරුවන් ගැන විමර්ශනය කිරීමට ඉඩදීම, නව ත‍්‍රස්ත මර්දන පනත ක‍්‍රියාත්මක කිරීමට පියවර ගැනීම, මුහුණු ආවරණය සඳහා පැනවූ තහනම සංශෝධනය කිරීම යන කරුණු ඉටුකර ඇති බව කියා සිටියේය.

මේ අතර කොටි ඩයස්පෝරා සංවිධාන 11 කට සම්බන්ධ ක‍්‍රියාකාරීහු ඊයේ (12 දා* ජිනීවා මානව හිමිකම් සමුළුවට පැමිණ සිටියහ.

මෙවර ඔවුහු ශ‍්‍රී ලංකාවට එරෙහිව සමාන්තර රැුස්වීම් 12 ක් පවත්වති.

(Lanka Leads)