Wednesday, October 23, 2024
Follow Us
තිරිගු පිටි මිල යළිත් ඉහළ යෑමේ ඉඩක්

තිරිගු පිටි මිල ඉදිරියේදී යළිත් ඉහළ යනු ඇති බවට වාර්තා පළ වනවා.

දැනට තිරිගු පිටි කිලෝවක් සදහා නියම කර ඇති පාලන මිල රුපියල් 87 ක්. මෙම පාලන මිල නියම කර ඇත්තේ වසර තුනකට පමණ පෙර බවයි ජීවන වියදම් කමිටුවේ ප‍්‍රකාශකයෙකු පැවසුවේ. ඒ අනුව තිරිගු පිටි මිල ඉහළ දමන ලෙස සමාගම් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් එළඹෙන 17 වනදා ජීවන වියදම් කමිටුවේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

බොහෝ දුරට රුපියල් 7 කින් පමණ තිරිගු පිටි කිලෝවක මිල ඉහළ යනු ඇති බවයි එම ප‍්‍රකාශකයා සදහන් කළේ.

තිරිගු පිටි මෙරටට ගෙන්වන සමාගම් දෙකෙන්ම ජීවන වියදම් කමිටුව පිට මිල සම්බන්ධයෙන් වන වියදම් වාර්තා ඉල්ලා තිබෙනවා. එහෙත් තවමත් වාර්තා ඉදිරිපත් කර ඇත්තේ එක් සමාගමක් පමණක් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

(NEth)