Wednesday, October 23, 2024
Follow Us
සියලු ජනාධිපතිවරණ අපේක්ෂකයින් එකම වේදිකාවකට ගේන්න සැළසුමක් - ඇසිය යුතු ප්‍රශ්න ජනතාවගෙන් ඉල්ලයි

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන සියළු ප‍්‍රමුඛ අපේක්ෂකයින් එකම වේදිකාවකට කැඳවීමට මාර්තු 12 ව්‍යාපාරය සුදානම් වනවා.

මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කාර මණ්ඩලය වෙනුවෙන් එහි අරමුණු පැහැදිලි කළ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ "මේ වන විට සියලු අපේක්ෂකයින් එකම වේදිකාවකට කැඳවීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරමින් තිබෙනවා. මෙහිදි බලාපොරොත්තු වන්නේ අපේක්ෂකයින් සියලුම දෙනා එකම වේදිකාවක සිට ජනතාවගේ දැවෙන ප්‍රශ්න ගැන විසඳුම් ඉදිරිපත් කරන ආකාරයයි. එයින් ජනතාව සහ අපේක්ෂකයා අතර යම් ආකාරයක බැඳීමක් ඇති කරන්නට අපේක්ෂා කරනවා. ලංකාවේ දේශපාලන සංස්කෘතියේ යම් වෙනසක් කරන්නටත් මින් හැකියාවක් ලැබෙයි. මෙවැනි වැඩපිළිවෙලක් ලංකාවෙන් මේ දක්වා වාර්තා වෙලා නෑ.".යනුවෙනි.

එකම වේදීකාවකට කැඳවනු ලබන ජනාධිපති අපේක්ෂකයින්ගෙන් විමසීම සඳහා ප‍්‍රශ්න ලබා දෙන ලෙස මහජනතාවගෙන්ද ඉල්ලීමක් කෙරුණා. ඒ අනුව ඇසිය යුතු බවට තමන් විශ්වාස කරන ප‍්‍රශ්න 05ක් ප‍්‍රමුඛතාව අනුව පෙළගස්වා තමන් වෙත ලැබීමට සලස්වන ලෙසයි මාර්තු 12 ව්‍යාපාරය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

(Neth)