Wednesday, October 23, 2024
Follow Us
සැප්තැම්බර් 26 සහ 27 ගුරු විදුහල්පති වැඩවර්ජනයක්

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති ලබන 26 සහ 27 යන දෙදින තුල දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.

ඒ බව ගුරු විදුහල්පති වෘත්තීය සංගමය සඳහන් කරන අතර ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයින් අනුරාධපුරයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ වසර 22ක් තිස්සේ පවතින ගුරු සහ විදුහල්පතිවරුන්ගේ ගැටලු විසඳීමට බලධාරීන් මැදිහත් නොවීමට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන බවය.

ඒ අනුව ගුරු විදුහල්පති වෘත්තීය සමිති 31 එක්ව මේ පිළිබඳව තීරණය කර ඇත.

(Aruna)