Wednesday, October 23, 2024
Follow Us
සහරාන්ලා ගැන ‘තොරතුරු මල්ලක්‌’ ජාත්‍යන්තරයෙන් රජයට ලැබෙයි

පාස්‌කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ රහස්‌ තොරතුරු වාර්තා 33 ක්‌, සහරාන් කල්ලියේ ජංගම දුරකථනවල තිබූ දත්ත වෙනම දුරකථන අංක ඉන්ටර්පෝල් සහ ඇමරිකානු එµa. බී. අයි. පොලිසිය විසින් රජයට සහ ආරක්‍ෂක අංශවලට ලබාදී ඇත.

ඇමරිකානු එµa. බී. අයි. පොලිසියේ ජංගම දුරකථන සිටිෂන් විශ්ලේෂණ පද්ධතිය යටතේ පරීක්‍ෂණ කිරීමේදී ජාතික තව්හිද් ජමාත් නායක සහරාන් සබඳතා පැවැත්වූ පාර්ශ්ව සහ පරිගණක යන්ත්‍රවල මකා දමා තිබූ තොරතුරු අනාවරණය වී තිබේ. මෙම තාක්‍ෂණය ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාවට සහ පොලිසියට නැත.

මෙහිදී ඉන්ටර්පෝල් හෙවත් අන්තර්ජාතික පොලිසිය ගිගාබයිට්‌ 1836 ක තොරතුරු මෙරටට ලබාදී තිබේ.

ඇමරිකානු එµaබීඅයි පොලිසියේ විමර්ශන කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවේ සිටින අන්තවාදී ජමාත් කල්ලි ක්‍රියාකාරීන්ගේ තොරතුරු ද නිරීක්‍ෂණයට ලක්‌ කර ඇත.

ආරංචි මාර්ග පැවසුවේ පාස්‌කු ප්‍රහාරයට පෙර තව්හිද් ජමාත් කල්ලියේ ක්‍රියාකාරීන් සතු ජංගම දුරකථනවල සහ පරිගණකවල තිබූ රහස්‌ තොරතුරු පරිගණක විශේෂඥයකු විසින් මකා දමා ඇති බවයි.

මේ පරිගණක විශේෂඥයා අසුවී ඇත.

මේ අතර ජාත්‍යන්තර පොලිසිය සතුව විදේශ ත්‍රස්‌තයන් 50000 කගේ තොරතුරු ඇතුළත් දත්ත ගබඩාව වෙත සෘජු පිවිසීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට අවසර දී තිබේ.

(Lanka Leads)