Wednesday, October 23, 2024
Follow Us
සත්වෝද්‍යාන වෘත්තීය සමිති කිහිපයක් අද සංකේත වැඩවර්ජනයක

සත්වෝද්‍යාන වෘත්තීය සමිති කිහිපයක් අද (06) සංකේත වැඩවර්ජනයක් සිදුකිරීමට තීරණය කර ඇත.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වැඩවර්ජනය සිදුකරන බව සත්වෝද්‍යාන වෘත්තිය සමිතියේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.

ඉන් ප්‍රධානතම ඉල්ලීම් වන්නේ සේවකයින්ගේ අතුරු දීමනාව සහ පැමිණිමේ දීමනාව ඉහළ නංවන ලෙසට කරන ඉල්ලීමයි.

ඊට බලධාරීන්ගේ නිසි අවධානයක් යොමු නොවන්නේ නම් ඉදිරියේදී අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව සත්වෝද්‍යාන වෘත්තීය සමිති එකමුතුව වැඩිදුරටත් සදහන් කළේය.

(Aruna)