ලෝක බැංකුව විසින් සිය නවතම වර්ගීකරණයන්ට අනුව ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක සිට පහළ මධ්‍යම ආදායම් ලබන රටක් දක්වා පහත හෙලා තිබෙනවා. ඒ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් කාණ්ඩයට වර්ගීකරණය කිරීමෙන් වසරකට පසුව වීම විශේෂත්වයක්.
2020-2021 වර්ෂයන් සඳහා වන රටවල් වල ආදායම් මට්ටම අනුව ලෝක බැංකුව විසින් මෙම වර්ගීකරණය සිදුකොට තිබෙනවා.
ඉකුත් වසරට සාපේක්ෂව මේ වසරේ වෙනත් වර්ගීකරණයන්ට ලක්වන රටවල් 10 ක අතර ශ්‍රී ලංකාවද ඇතුලත් වනු ලබනවා. පෙර වසරට සාපේක්ෂව අවම කාණ්ඩයකට ගමන් කරන රටවල් තුන අතරට ශ්‍රී ලංකාව පත්ව ඇති අතර එම කාණ්ඩයට ඇතුලත් වන අනෙක් රටවල් දෙක වන්නේ ඇල්ජීරියාව සහ සුඩානයයි.
පසුගිය වසරේදී අමෙරිකානු ඩොලර් 4060 ක් වූ දළ ජාතික ආදායමකට හිමිකම් කි ශ්‍රී ලංකාව මේ වර්ෂයේදී ඇ.ඩො. 4020 ක් දක්වා එය පහත වැටීම හේතුවෙන් ලෝක බැංකුව විසින් සිය නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව පහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය කොට ඇත.
නවතම වර්ගීකරණයන් පිළිබඳව අදහස් දක්වමින් ලෝක බැංකුව අවධාරණය කළේ ආදායම් වර්ගීකරණයන් කිරිමේදී පෙර වර්ෂයේ දළ ජාතික ආදායම පිළිබඳව සලකා බැලීමක් සිදුකරනු ලැබූ බවයි.
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙම වසරේ වර්ගීකරණය සඳහා භාවිතා කරන දළ ජාතික ආදායම කොපමණද යන්න තවමත් ප්‍රකාශයට පත් කර නොමැති බවයි ලෝක බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.
(Neth)