Tuesday, November 05, 2024
Follow Us
යහපාලන විදුලිබල ඇමතියෙක් රු. මිලියන 500 ක් පගාව අරගෙන – විදුලිබල මණ්ඩල සභාපති

යහපාලන රජයේ විදුලිබල ඇමතිවරයෙකු සූර්ය බලශක්ති ව්‍යපෘතියක් අනුමත කිරිම සඳහා රු. මිලියන 500 ක් පගාව අරගෙන තිබෙන බව විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා විසින් මාධ්‍යයට අනාවරණය කොට ඇත.

නමුත් ඔහු විසින් ඇමතිවරයාගේ නම අනාවරණය කොට නැති අතර ප්‍රකාශයේ වගකීම තමා විසින් බාරගන්නා බව සඳහන් කොට ඇත. අල්ලස් පනත යටතේ වරදක් කළ අයෙකු පිළිබඳ සාක්ෂි දැනුවත්ව සැඟවීම වරදක් වන බැවින් පොලීසිය ඔහුගෙන් වහාම ප්‍රශ්ණ කොට අදාළ ඇමතිවරයාට එරෙහිව පියවර ගත යුතු බවමාධ්‍යෙව්දීහු පවසති.

(Lanka Leads)