Tuesday, November 05, 2024
Follow Us
විදේශිකයන්ට ඩොලර් 65කට කොවිඩ් පරීක්ෂණයක්

අගෝස්තු 01 වැනි දින සිට රටට ඇතුළු වන සෑම විදේශිකයකුගෙන්ම කොවිඩ්-19 වයිරසස පරීක්ෂණය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් හැට හතක ගාස්තුවක් අය කිරීමට රජය තීරණය කර ඇත.

ගුවන්තොටුපොළ හා ගුවන්​ සේවා සංගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි ‘අරුණ’ට සඳහන් කළේ මෙම ගාස්තුව සංචාරක අමාත්‍යාංශය විසින් අය කරන බවයි.

‘‘මේ ගාස්තුව සම්පූර්ණයෙන්ම පී.සී. ආර්. පරීක්ෂණය වෙනුවෙන්ම අය කරන එකක් නෙමෙයි. මේ ඩොලර් හැටපහ ඇතුළෙ තවත් ආගමන විගමන ගාස්තු කිහිපයකුත් ඇතුළත් වෙනවා. රටට එන්න කැමැති සංචාරකයා තමන්ගෙ සහ තමන්ගේ රටේ ආරක්ෂාව වෙනුවෙන් මෙම අතිරේක ගාස්තුව දැරිය යුතුයි කියන එක තමයි රජයේ ස්ථාවරය.’’ යැයිද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

නව සෞඛ්‍ය මාර්ගෝපදේශන යටතේ රටට ඇතුළුවන විදේශිකයන් පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව නිකුත් කරන තෙක් ගුවන්තොටුපොළ ආසන්නයේ ස්ථානයක පැය 24ක් රැඳී සිටිය යුතුය. පරීක්ෂණ වාර්තාවෙන් අදාළ සංචාරකයා කොවිඩ්-19 ආසාදිතයකු නොවේ යැයි තහවුරු වුවහොත් ඔවුන්ට රට තුළට ඇතුළුවී සංචාරය කිරී​මේ අවස්ථාව උදාවන බවද සංචාරක අමාත්‍යාංශ වාර්තා අනාවරණ්‍ය කරයි.

විදේශීය සංචාරකයන්ට පොදු ප්‍රවාහන සේවා භාවිතය තහනම් කිරීමටත් සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමත කරන ලද සහතිකයක් ලබා ගැනීමෙන් අනතුරුව නම් කරන ලද හෝටල්වල පමණක් රැඳී සිටීමටත් අමාත්‍යාංශය නිර්දේශ කර ඇත.

(Aruna)