Friday, November 01, 2024
Follow Us
අලෙවියට අවසර දුන්නත් ලොතැරැයි ගන්න මුදල් නෑ-අලෙවි නියෝජිතයෝ කියති

ලොතරැයි අලෙවියට අවසර දී ඇතත් අලෙවි නියෝජිතයන්ට ලොතරැයි පත් මිලදී ගැනීමට මුදල් නොමැති බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් බී.එස්.එස්. මදුරසිංහ පැවැසීය.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකදීය.

ලේකම්වරයා පෙන්වා දෙන්නේ අලෙවි නියෝජිතයන්ට නැවත ලොතරැයි පත් මිලදී ගැනීම සඳහා රාජ්‍ය මූල්‍ය ආයතනයකින් ණය මුදලක් හෝ ලබා දීමට කඩිනමින් පියවරගත යුතු බවයි.

රජය විසින් ලබා දුන් රුපියල් 5000 දීමනාවෙන් අලෙවි නියෝජිතයන්ට ලබා දුන්නේ රුපියල් 2500ක මුදලක් පමණක් බවද හෙතෙම සඳහන් කළේය.

ඉතිරි 2500ක මුදල ලබා දීමට කටයුතු කරන ලෙසද මදුරසිංහ මහතා රජයෙන් ඉල්ලීමක් ද කළේය.

දිවයින පුරා ලොතරැයි අලෙවි නියෝජිතයන් 4800ක් සිටින බවත් එම පිරිස දිනකට රුපියල් බිලියන 20ක මුදලක් රජයට උපයා දෙන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.


(Aruna)