Friday, November 01, 2024
Follow Us
වැලිසර Covid 19 පරික්ෂාවට විශේෂඥ කණ්ඩායමක්!

වැලිසර ඇතුළු සෙසු හමුදා කඳවුරුවල Covid 19 තත්ත්වය පිළිබඳ පරික්ෂා කිරීම සඳහා වසංගත රෝග විශේෂඥයින් 4 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙන අතර එමඟින් ලැබෙන පරීක්ෂණ ප්‍රථිපල අනුව එම හමුදා කඳවුරු තුළ ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේය.

අනිල් ජාසිංහ මහතා මේ බව සඳහන් කළේ Covid 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී අද (20) පැවති මාධ්‍ය හමුවේදීය.

මේ වන විට නාවික භටයන් 600ක පමණ පිරිසකට වෛරසය ආසාදනය වී තිබෙන අතර කෙසේවෙතත් මෙය තවදුරටත් පැතිරීම වළක්වා ගැනීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

ඒ අනුව තමන් විසින් ලබා දී තිබෙන නිර්දේශ දැඩි ලෙස ක්‍රියාත්මක වනු ඇති බවත් නාවික සෞඛ්‍ය අංශ විසින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකරනු ඇති බවට බලාපොරොත්තු වන බවත් හෙතෙම වැඩිදුරටත් කියාසිටියේය.

(LNW)