කොවිඩ් -19 වෛරසය ආසාදනය වූවන්ට බටහිර සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රම දෙකම භාවිත කරමින් ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙයි.
මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි. රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චනද්‍රසිරී වැලිවිට යන මහත්වරුන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
එම වෛද්‍යවරුන් ලබාදුන් වෛද්‍ය ප්‍රතිකර්ම ක්‍රම සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් -19 තාක්ෂණික කමිටුවට යොමු කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.
මෙම වෛද්‍ය ක්‍රම පර්‌යේෂණ මගින් සනාථ කර ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගත හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ආයුර්වේද වෛද්‍යවරුන් මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ වැලිසර නාවික හමුදා කඳවුරෙන් සොයාගත් කොවිඩ් -19 ආසාදිතයන්ගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රම භාවිත කළ බවයි.
රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජාතික සංවිධාන පසුගිය කාලය පුරාම රජයෙන් සහ සෞඛ්‍යය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සහයෝගය සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රම භාවිත කරමින් ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසය.
(Lanka Leads)