කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය දිනවල සිය ජීවනෝපාය අහිමිවූවන්ට රජයෙන් ලබාදුන් රුපියල් පන්දහසේ දීමනාව නිසි ආදායමක් හිමි නොවන දුෂ්කර ලෙස පවත්වාගෙන යන විහාරස්ථාන හා පිරිවෙන් සඳහාද ලබාදීමට කටයුතු කරන ලෙස කොළඹ 07 ධර්මායතානාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් රජයෙන් ඉල්ලා සිටියි.
දිනපතා දානයවත් නොලබන මෙන්ම වියළි ආහාර පමණක් ලැබෙන විහාරස්ථාන විශාල සංඛ්‍යාවක් රට පුරා ඇති අතර රජයෙන් ලබාදුන් රුපියල් පන්දහසේ දීමනාව මෙම පන්සල්වලට ලබානොදී නොසලකා හැර ඇතැයිද උන්වහන්සේ පවසයි.
වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමෙහිලා ගම්බද විහාරස්ථානවල හිමිවරුන් විශාල මෙහෙයක් සිදුකළ අතර එහෙත් අපහසුතා මධ්‍යයේ විහාරස්ථානවල වැඩවසන ස්වාමීන් වහන්සේලා අමතක කිරීම කනගාටුවට කරුණක් බව උන්වහන්සේ තවදුරටත් සඳහන් කළේය.
(Aruna)