Friday, November 01, 2024
Follow Us
මැයි 11 රට විවෘත වීමත් සමග සෑම විටම නිරෝධායන රීතීන්ට ප්‍රමුඛතාවය දී කටයුතු කරන්න

මැයි 11 රට විවෘත වීමත් සමග සෑම විටම නිරෝධායන රීතීන්ට ප්‍රමුඛතාවය දී කටයුතු කරන ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මැයි 11 වනදා සිට රට විවෘත වීමත් සමග ජනජීවිතය යථා තත්ත්වයට පත්වීමේදී අවධානය යොමු කළ යුතු කරුණු පිළිබදව මාධ්‍යයට අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මේ බව පැවසීය.

මැයි 11 කොළඹ දිස්ත්‍රික්කයේ බස්නාහිර පළාත සහ පුත්තලමෙහි ඇදිරිනීතිය පවත්වාගෙන යන අතරතුර ඒදිනෙදා කටයුතු සිදුවීම අරඹනවා. මාස ක් මෙම ප්‍රදේශ වල ඇදිරි නීතිය ක්‍රියාත්මක වුණා. හෙට ඉදන් නැවතත් ඇදිරිනීතිය පවත්වාගෙන යමින් නිරෝධායන රීතීන්ට ගරු කරමින් මෙම ප්‍රදේශ වල ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම ආරම්භ කිරීම ආර්ථිකය සදහා දායකත්වයක් ලබාදීම සහ ආනයන අපනයන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම ආදී සියලු කරුණු පදනම් කරගනිමින් කටයුතු සිදුනෙවා.

නමුත් මෙහිදී ප්‍රමුඛස්ථානය ලැබෙන්නේ කොවිඩ් වසංගතය දුරු කිරීම යන සිද්ධාන්තයට. වනදාට ආයතන ප්‍රධානීන්ගේ දැනුම්දීම පරිදි සේවකයන් සෙවයට වාර්තා කරනවා. රාජ්‍ය අංශයේ සේවකයන් සේවයට වාර්තා කිරීමේදී උදේ 08.30 ට පෙර ඔවුන්ගේ වාහන වලින් ඒම ස්ථාන වලට වාර්තා කිරීම වඩාත් උචිත වනවා. පුද්ගලික අංශය ආරම්භ වීමට නියමිත වන්නේ උදේ 10ටයි.

ඒමනිසා පුද්ගලික අංශය සදහා ගමන්කරන වාහන උදේ 08.30ත් 10ත් අතර ගමන් කරන්න පුළුවන්. මෙම වේලාවන්ට අනුගතව කටයුතු කිරීම වඩාත් උචිත වනවා. මාර්ගයේ වාහන ගමනාගමනය මෙන්ම යම් අවස්ථාවක වාහන පරීක්ෂා කිරීමට උවමනා වුවහොත් ඒ පිළිබදව ගත වන කාලය සලකා බලා මෙම පියවර ගෙන තිබෙනවා. ඒමෙන්ම හවස්වරුවේ වාහන පිටව යාමේදී රජයේ වාහන සවස 3ත් 4ත් අතර ඒම ස්ථාන වලින් පිටව යාම සුදුසුයි.

පුද්ගලික අංශයේ වාහන සවස 4ත් 5ත් අතර පිටව යාම සුදුසු වනවා. සේවා මුර වශයෙන් සේවය කරන ආයතන කර්මාන්තශාලා ආදියට මෙම රීතීන් බලපාන්නේ නැහැ. නමුත් සාමාන්‍ය කාර්යාල වල සාමාන්‍ය පරිදි සේවය කරන ආයතන වලට මෙය අදාලයි. පුද්ගලික වාහන වලින් පැමිණෙන අයට ඒම රීති අදාල නැහැ. පුද්ගලික වාහන බස්නාහිර පළාත තුළ වෙනත් අවශ්‍යතා සදහා යොදාගැනීම ඇදිරිනීති කඩකිරීමක් ලෙස සලකනවා. ත්‍රී රෝද රථ කුලීරඨ ආදියෙන් පුද්ගලයෙකුට පැමිණීමට අවශ්‍ය නම් ඒම රථ භාවිතයට හැකියාවක් පවතිනවා.

පොදු ප්‍රවාහන සේවා යොදාගැනීමේදී නිරෝධායන රීතීන්ට අනුගතව කටයුතු කිරීම අවශ්‍යයි. කාර්යාල ප්‍රධානීන්ට දැනුම්දී තිබෙන්නේ අදාල නිලධාරීන් ඒම පරිපාලන ප්‍රදේශ තුළින්ම කැදවන ලෙසයි. ඒසේ ලබාගැනීමට හැකියාව නැත්නම් යාබද දිස්ත්‍රික්ක වලින් ගෙන්වීමේ හැකියාව තිබෙනවා. මැයි 11 වන දින සේවයට වාර්තා කරන සෑම රාජ්‍ය සහ පෞද්ගලික අංශටෙය් නිලධාරියෙකු සතුවම තමන් යම් ආයතනයක සේවය කරන බවට සනාථ කරන යම් ආකාරයක හැදුනුම්පතක් ඒසේත් නොමැතිනම් රාජකාරී හැදුනුම්පතක් හෝ යම් ලේඛණයක් තිබිය යුතුයි.

ඒසේත් නොමැති නම් ජාතික හැදුනුම්පතෙහි තමන්ගේ වෘත්තීය පිළිබද සදහන් විය යුතුයි. ඊට අමතරව පොලීසිය වෙත අවශ්‍ය වේලාවක නිකුත් කිරීමට තවත් ලේඛණයක් ඔවුන් සතුව තිබිය යුතුයි. ඔවුන්ට ඒදින ඒම කාලය තුළ තම සේවා ස්ථානයට වාර්තා කල යුතු බවට ආයතනයේ ප්‍රධානියෙකු විසින් නිකුත් කළ ලියවිල්ලක් තිබිය යුතුයි ඒය කඩදාසියක ලියූ ලියවිල්ලක්ම විය යුතු නැහැ. ඒය ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් වයිබර්, වට්ස්ඇප් මාධ්‍යයෙන් තමාගේ ස්මාර්ට් දුරකතනයක ඇති ලියවිල්ලක් වුවත් ඒය භාරගැනීමට හැකියාව පවතිනවා.

යම් අයුරකින් ස්මාර්ට් දුරකතනයක් නොමැති අයෙකුට තමන්ගේ සාමාන්‍ය දුරකතනයට ලැබුණු ඒස් ඒම් ඒස් පණිවිඩයක් වශයෙන්ද ඉදිරිපත් කළ හැක. ඒම පණිවිඩයෙහි තමන්ව අදාල දිනයේ සේවයට කැදවා ඇති බවට සදහන් විය යුතුයි. මෙවැනි සීමාවන් පනවන්නේ රැකියාවන්ට යන මුවාවෙන් පොදු ප්‍රවාහන සේවා භාවිතා කර වෙනත් ගමන් යාමට ඇගමුන් පෙළඹුණහොත් ඒය නිරෝධායන රීතීන්ට පටහැනිව කටයුතු කිරීමක් වන නිසායි. අවශ්‍ය විටක පොලීස් නිලධාරීන් හට අදාල ආයතන ප්‍රධානීන් අමතා අදාල නිලධාරියා ඒම දින සේවයට කැදවා ඇතිදැයි දැනගැනීමට ඒය ඉවහල් වනවා.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු යම් නිර්ණායකයන්ට යටත්ව ආරම්භ කිරීමේ හැකියාව පවතිනවා. බියුටි පාලර්, සැලූන් විවෘත කල හැකියි. ඒ් සදහා අදාල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගේ යම් ආකාරයක අවසරයක් ලබාගෙන ඒම නිර්ණායක අනූව කටයුතු කළ යුතුයි. සැලූන් ඒකක සිටිය යුතු පිරිස සම්බන්ධයෙන්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් නිර්දේශ ලබාදෙනවා. සුපිරි වෙළදසැල්, පාරිභෝගිකයන් වෙත වියළි ආහාර විකුණන වෙළදසැල්, බීම වර්ග ලබාදෙන වෙළදසැල් විවෘත කිරීමට පුළුවන්. ආහාර පිසූ පසුව සපයන හෝටල්, ඒවැනි පිසූ ආහාර සපයන බක්කි වෙළදසැල් ආදිය විවෘත කිරීමට තවමත් සලකා බලමින් පවතිනවා.

ඉදිරියේදී ඒවාට අවසර ලබාදීමට හැකිවනු ඇත. මීට අමතරව යම්කිසි ආකාරයේ වෙළදසැල් විවෘත කිරීමට පුළුවන්. නමුත් තේ, පානයන් වර්ග, පළතුරු යුෂ සහ ඒවෙලේ පිසූ ආහාර විකුණන ආයතන 11 වනදා විවෘත වන්නේ නැහැ. ඔන්ලයින් ආහාර බෙදාහරින ආයතන වලට ඒම සේවාවන් දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. ඒමෙන්ම නවාතැන් පහසුකම් ලබාදෙන හෝටල් නිරෝධායන රීතීන්ට අනුකූලව ටයුතු කළ යුතුයි. පිටස්තර අයට කෑම සපයන රෙස්ටූරන්ට් විවෘත කිරීමට අවසර නැහැ. හොටෙල් වල නවතින පිරිස් සදහා ඔවුන් සිටින ස්ථානයටම ආහාරපාන සැපයීමට හොටෙල් කළමනාකරුවන් ක්‍රියා කළ යුතුයි.

මෙයට හේතුව ඒක තැනක පිරිසක් ඒකතු වීමෙන් නිරෝධායන රීතීන් වලට ඒරෙහිව කටයුතු කිරීමක් වන නිසා. න්ෂ්පාදනයට සම්බන්ධ ආයතන සහ වෙනත් සේවා සපයන ආයතන විවෘත කරන්න පුළුවන්. ඒසේ විවෘත කරන සියලු වෙළදසැල් ආදියේ සමාජ දුරස්ථතාවය තබාගනිමින් කටයුතු කළ යුතුයි. ඇදිරිනීතිය පවත්වාගනිමින් මෙසේ විවෘත කරන අවස්ථාවක පුද්ගලයන්ට තමන්ගේ ජාතික හැදුනුම්පතේ අංක භාවිතා කරමින් පිටතට යාමේ හැකියාව පවතිනවා.

මැයි 11 සදුදා 1 හෝ 2 අංක පවතී නම් යාමට හැකියාව පවතිනවා. නමුත් ඒසේ යාමට හැක්කේ තමන් දිංචි හෝ නැවතී සිටින ප්‍රදේශයේ ආසන්නම වෙළදසැල වෙත පාගමනින් පමණයි. ඒ තමන්ට අත්‍යවශ්‍ය ආහාරපාන ආදී ද්‍රව්‍ය මිලදී ගැනීමට පමණයි. යම් කෙනෙක් මෙම රීතීන්ට පටහැනිව කටයුතු කළහොත් ඔවුන් ඇදිරිනීතිය සහ නිරෝධායන රීතීන්ට පටහැනිව කටයුතු කළ අය ලෙස සලකා නීතිය ක්‍රියාත්මක කළ හැක.

සෑම දෙනෙකුම කෝවිඩ් මර්දනය පිළිබද සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිර්ණායක පිළිබද අවදානය යොමු කළ යුතු වනවා. ඒහි ඉතා පැහැදිලිය සදහන් වෙනවා ඒක් ඒක් ආයතන පවත්වාගෙන යාම සහ කෝවිඩ් වසංගතය මර්දනයට‌ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදව.

සෑම රාජ්‍ය, පෞද්ගලික ආයතනයක්ම, වෙළධසැලක්මමෙය අන්තර්ජාලයෙන් භාගත කර හෝ මුද්‍රිත පිටපතක් ලබාගෙන ඒ ඔස්සේ කටයුතු කළ යුතුයි. යම් ආයතනයක පෝළිමක සිට සේවය ලබාදෙන ආයතනයක් නම් ඒනම් බිල්ගෙවීමට, භාණ්ඩ මිලදී ගැනීමට ආදියට ඒම ආයතන ප්‍රධානීන් ආරක්ෂක අංශ සහාය ඇතිව ආයතන ඉදරිපිට පෝලිම් පවත්වාගෙන යන ආරක්ෂාකාරී සැලැස්මක් ඉදිරිපත් කර තැබිය යුතුයි. විවෘත කරන සෑම ආයතනයක් ඉදිරිපිටම අත් සේදීමට පහසුකම් සලසා තැබිය යුතුයි. ඒසේම නාරෝධායන රීතීන්ට අනූව කටයුතු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසිය යුතුයි. පොදු ප්‍රවාහන සේවා වලට ඇතුල් වන මගීන්ගෙන්, රියදුරන්ගෙන් සහායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ඒම ස්ථාන වල මගීන්ට අත් පරිසිදු කරගැනීමට අවස්ථා සලසා දෙන ලෙසයි. ඊට අදාල ද්‍රාවණ තැබීමට හැකියාවක් පවතී නම් ඒය විශාල පිටිවහලක් වනවා. විශේෂයෙන්ම නිරෝධායන රීතීන්ට අනුගත නොවී කටයුතු කරන ආයතන, වෙළදසැල් වලට නාරෝධායන රීතීන් යටතේ කටයුතු කර තහනම් කිරීමට සෞඛ්‍ය බලධාරීන්ට සහ පොලීසියට හැකියාව පවතිනවා. මෙම කටයුතු නිසි ආකාරව සිදුවනවාදැයි බැලීමට ඇතැම්විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආයතන වෙත පැමිණිය හැකියි. ඔවුන් ඒන්නේ තරහට නෙමෙයි. ඔබ ආයතනය නිරෝධායන රීතීන්ට අනුගතව කටයුතු කරමින් ඔවුන්ට සහයෝගය දෙන්න. සතිපොළ, දිනපොළ, සමූහ වශයෙන් ඒ්කරාශී වී කටයුතු කරන බාහිර වෙළදසැල් විවෘත කිරීමට අවසර නැහැ. විවෘත කලහොත් නිරෝධායන රීතීන්ට පටහැනිව කටයුතු කිරීමක් ලෙස සලකා ඔවුන්ට විරුද්ධව කටයුතු කරනවා.දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට ඔබ රජයේ හෝ පුද්ගලික අංශයේ හෝ සේවකයෙක් නම් ඒදින සේවයට කැදවා ඇති බවට විද්‍යුත් හෝ ලේඛණයකින් තහවුරු කළ හැකි නම් ඒම ආයතනයේ සේවය කරන සේවකයෙක් බවට තහවුරු කරන ලියවිල්ලක් ඇත්නම් ඔබට දිස්ත්‍රික්ක හරහා ගමන් කිරීමේ හැකියාව පවතිනවා. ඔබ සේවකයෙක් වුවත් අදාල දිනයේ සේවයට කැදවා නැතිව අසත්‍ය පවසා දිස්ත්‍රික්ක අතර ගමන් කළහොත් ඔබ අනෙකෙකු ලෙස පෙනීසිටීමේ වරදට වරදකරුවෙක් වෙනවා මෙන්ම ඇදිරිනීතිය උල්ලංණය කිරීමට විරුද්ධව ඔවට විරුද්ධව කටයුතු කරනවා. මෙම සියලු කාරණා කොළඹ දිස්ත්‍රික්කයේ බස්නාහිර පළාත විවෘත කිරීමේ ආරම්භක පියවරක් වනවා. මැයි 11 වනදාම මේ සියල්ල සර්ව සම්පූර්ණ නොවිය හැකියි. ක්‍රමිකව දිනෙන් දින මෙම සියලු කටයුතු යථාවත් කිරීමට බලාපොරොත්තු වනවා. හෙට බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් 10,000ක් පමණ කටයුතු අධීක්ෂණය සදහා නිලඇදුමෙන් මෙන්ම සිවිල් ඇදුමෙන් සේවයේ යොදවනවා. යම් කෙනෙකුට පැහැදිලි ලියවිල්ලක් ඉදිරිපත් කිරීම මගින් තමන් හුදකලාව පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරයක් වෙත පැමිණීමේ හැකියාවක් පවතිනවා. සෑම ආයතනයකම තම සේවකයන්ගේ උෂ්ණත්වය දිනකට වාර කිහිපයක් මැන බැලීම වඩාත් යෝග්‍යයයි. රාජ්‍ය ආයතන වල පොදුවේ පරිහරණය කරන දෑ පොදුවේ පරිහරණය කිරීම නැවැත්වීමට කළමනාකාරීත්වට කටයුතු කළ යුතුයි. ඒ සදහා වෙනත් පියවර අනුගමනය කරන්න. පාලක සේවක වගකීම් හරිආකාරව ඉටුකරනු ඇතැයි අපේක්ෂා කරන බවද නියෝජ්‍ය පොලිස්පතිතුමන් ප්‍රකාශ කළා. බස්නාහිර පලාත තුළ සේවා ස්ථාන වෙත යාමට සහ ඉන් පිටවීමට කුළී රථ භාවිතා කළ හැකියි. ඒසේවයට යාමට ඒමට පමණයි. පෞද්ගලික ගමන් වලට අවසර නැහැ. ඒසේ පැමිණීමේදී ත්‍රී රෝද රථයක රියදුරාට අමතරව ගමන් කළ හැක්කේ වැඩිහිටි මගීන් දෙදෙනෙකුට පමණයි. මෝටර් රථයක ගමන් කළ හැක්කේ රියදුරාට අමතරව දෙදෙනෙක්ටයි. ත්‍රී රෝදරථ හා කුළී රථ රියදුරන් මෙම නිර්ණායකයන්ට අනුකූලව කටයුතු කළ යුතුයි. පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන විවෘත කිරීමේ හැකියාවක් පවතිනවා. ඒවා විවෘත කිරීමේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට දන්වා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ලබාදී ඇති නිර්ණායකයන්ට අනූව කටයුතු කළ යුතුයි.

(News.lk)