Saturday, October 19, 2024
Follow Us
භික්ෂු විරෝධයට මංගලගේ ප්‍රතිචාරය

මංගල සමරවීර හා රාජිත සේනාරත්න අමාත්‍යවරුන් දෙදෙනා සහ චතුර සේනාරත්න මන්ත්‍රීවරයා ගම්පහ විහාරස්ථානවල ආගමික කටයුතුවලට සහභාගී කරවාගැනීමෙන් වැළකීමට ගම්පහ විහාරස්ථානවල විහාරාධිපති ස්වාමින් වහන්සේලා ගත් තීරණයට මංගල සමරවීර අමාත්‍යවරයා ප්‍රතිචාර දක්වා තිබේ.

ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මංගල සමරවීර මහතා ගම්පහ භික්ෂුන් වහන්සේලාට මෙලෙස ප්‍රතිචාර දක්වා තිබුණි.

" බුදුන් වහන්සේ යනු තමන් ඝාතනය කරන්නට ආ දේවදත්තට පවා විහාරස්ථානය තහනම් නොකළ උත්තම පුරුෂයෙකි. ඒ උතුම් භාවිතාව තේරුම් නොගත් මෝඩ වහන්සේලා නිදුක් වෙත්වා. නීරෝගි වෙත්වා. සුවපත් වෙත්වා. දුකින් මි‍දෙත්වා "

(LNW)

mangala twitter