Saturday, October 19, 2024
Follow Us
දෙවන විශ්වාසභංගය රාජිතට

රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයාට ගෙනවිත් තිබෙන විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමෙන් පසු රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන එන බව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

කුරුණෑගල රෝහලේ සේවය කළ ෂාෆි ෂෙහාබ්ඩීන් වෛද්‍යවරයා නැවත සේවයේ පිහිටුවා තිබූ ආකාරය, මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සම්බන්ධව ඇතුළු තවත් කරුණු කිහිපයක්‌ මුල්කරගෙන මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

බත්තරමුල්ල නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්‌ථානයේදී ඊයේ (31 දා) පැවැති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා මේ බව පැවැසීය.

(Lanka Leads News)