Saturday, October 19, 2024
Follow Us
ඉතිහාසයේ විශාලතම අපහාස නඩුවක වන්දිය විජේදාසට

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 500 ක වන්දියක් ගෙවන ලෙස කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කළ නියෝගය බස්නාහිර පළාත් සිවිල් අභියාචනාධිකරණය විසින් අනුමත කර තිබෙනවා. ඒ අනුව විජේදාස රාජපක්ෂ මහතාට හිමිවීමට නියමිත රුපියල් මිලියන 500 ක වන්දි මුදල මෙරට ඉතිහාසයේ අපහාස නඩුවක වන්දියක් ලෙස ගෙවීමට නියෝග කළ විශාලතම වන්දි මුදල ලෙස සැල‍ෙකනවා.

ලේක්හවුස් සමාගම මගින් නිකුත් කරන පුවත්පතක් හරහා තම කීර්තිනාමයට අපහාසයක් සිදුව ඇති බවට ‍විජේදාස රාජපක්ෂ මහතා විසින් 2010 වසරේදී කොළඹ දිසා අධිකරණයේ මෙම නඩුව ගොනු කෙරිණි. මූලික නඩු විභාගය අවසානයේ අදාල වන්දි මුදල විජේදාස රාජපක්ෂ මහතාට ගෙවිය යුතු බවට කොළඹ දිසා අධිකරණය නියෝග කළේය.

කෙසේ වෙතත් ලේක්හවුස් සමාගම 2013 වසරේදී ඊට එරෙහිව බස්නාහිර පළාත් සිවිල් අභියාචනාධිකරණය ඉදිරියේ අභියාචනයක් ගොනු කළේය. එම අධිකරණය විසින් ඊයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ දිසා අධිකරණයේ තීන්දුව අනුමත කර තිබේ.

(LNW)