Thursday, December 26, 2024
Follow Us
සාම්ප්‍රදායික ගොවියා වෙනුවට ගොවි ව්‍යවසායකයෙක් - දිලිත්

කන්න දෙකක් ඇතුළත ගොවි ජනතාවගේ ආදායම ඉහළ නංවා ගොවි ව්‍යවසායකයින් බිහිකිරීමේ ප්‍රායෝගික වැඩපිළිවෙළ සිය උපාය මාර්ගික සැලැස්ම තුළ ඇතුළත් බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (10) කන්තලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

'දිලිත් ගමට' ආසන රැස්වීම් මාලාවේ තවත් ජන හමුවක් සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙලෙස කන්තලේදී පැවැත්වුණි.

සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා,

"මේ රටේ ජනතාවගේ කෘෂිකාර්මික ජීවිතය වෙනස් කරන විදිය අපි පෙන්වාදී තිබෙනවා. සාම්ප්‍රදායික ගොවියා වෙනුවට ගොවි ව්‍යවසායකයෙක් කරන හැටි අපි පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. මම වගකීමෙන් කියනවා කන්න දෙකක් ඇතුළත ඔබේ ආදායම දෙගුණ කරන බව. එය සහතික වන ආකාරය අපගේ උපාය මාර්ගිය සැලැස්මේ සඳහන් කර තිබෙනවා."