Saturday, October 19, 2024
Follow Us
ආණ්ඩුව ඉල්ලන විදිහට බුද්ධි ඔත්තුකරුවන්ගේ ලැයිස්තු දෙන්න බැහැ

පටු දේශපාලන වුවමනාවන් ඉටු කරගැනීමට බුද්ධි අංශ ඔත්තුකරුවන්ගේ නම් ලැයිස්තු ඉල්ලීම සම්පූර්ණයෙන් වැරදි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (30) පස්වරුවේ තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී පැවැති ජනහමුවකදීය.

එමඟින් සිදුවන්නේ ජාතික ආරක්ෂාවට ගැටළු මතුවීම බව ඔහු කියා සිටියේය.

ඔත්තු සෙවීමේදී සංවිධාන තුළට ඇතුළු විය යුතු අතර එය ඕනෑම රජයක් විසින් සිදුකරන බවයි රාජපක්ෂ මහතා පැවසුවේ.

මෙම කාරණයේදී ඔත්තුකරුවන්ට මුදල් ගෙවීමට සිදුවන බව හෙතෙම ප්‍රකාශ කළේය.

සිය පාලන කාලය තුළදීද එවැනි දේ සිදු වූ අතර එය පදනම කරගනිමින් දැන් ඔත්තුකරුවන්ගේ ලැයිස්තු ඉල්ලන බව රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මෙය සම්පූර්ණයෙන් වැරදි ක්‍රියාවක් බවයි ඔහු අවධාරණය කළේ.

එමෙන්ම බෝම්බ පිපිරීමට පෙර රටේ තිබුණ තත්ත්වය සහ ඊට පසු තත්ත්වය දෙස බැලීමේදී කණගාටුදායක තත්ත්වයක් පවතින බව ඔහු පෙන්වාදුන්නේය.

එම අනතුර ගැන තොරතුරු ලැබී තිබියදීත් එය නොසලකා හැර ඇති බව දැන් කෙරෙන සාකච්ජාවලින් පෙනෙන්නට ඇති බවද රාජපක්ෂ මහතා කියාසිටියේය.

99%ක්ම අවධානම ඉවත්ව ඇති බවට ආණ්ඩුව පැවසුවද ඉතිරි 1%ක සම්බන්ධයෙන් සැකයක් පවතින බව හෙතෙම වැඩිදුරටත් පැවසුවේය.

(LNW)