Saturday, October 19, 2024
Follow Us
සජිත්ගේ සමගි ජන සන්ධානය එළි දකී

එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය එළි දැක්වීමේ උත්සවය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද පෙරවරුවේ ආරම්භ වුණා.

ඒ, “සැමට ජයක් - සමගි රටක්” සමගි ජන සන්ධානයේ තේමාව යටතේයි. 

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජිතයින් 07 දෙනෙකු සහ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංගද එක්ව සිටියා.

මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් රවුෆ් හකීම්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ නියෝජනය කරමින් මනෝ ගනේෂන් හා කඳුරට ජනතා පෙරමුණ නියෝජනය කරමින් වී රාධාක්‍රිෂ්ණන් ද ඒ අතරට අයත්.

එමෙන්ම කඳුරට ජාතික පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පී දිගම්බරම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දයාසිරි ජයසේකරද මෙම අවස්ථාවට එක්ව සිටියා.

මීට අමතරව නිදහස ජනතා සභාව නියෝජනය කරමින් එක්ව සිටියේ ඩලස් අලහප්පෙරුම සහ මහාචාර්ය ජී එල් පීරිස්. හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මෙම අවස්ථාවට එක්ව සිටියේ පුරවැසිකම බහුජන ව්‍යාපාරය නියෝජනය කරමින්. 

 

Neth