Saturday, October 19, 2024
Follow Us
සජිත් හමු­වන්න මට වුව­ම­නා­වක් නැහැ

සමගි ජන බල­වේ­ගයේ නායක සජිත් ප්‍රේම­දාස මහතා හමු­වී­මට තමන්ට කිසිදු හේතු­වක් නොමැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක නාමල් රාජ­පක්ෂ පව­සයි.

සිය X ගිණුමේ සට­හ­නක් තබ­මින් නාමල් රාජ­පක්ෂ මහතා පවසා ඇත්තේ තමන් විපක්ෂ නායක හමු වී ඇති බවට ජනා­ධි­පති උප­දේ­ශක ආශු මාර­සිංහ මහතා කළ ප්‍රකා­ශය ප්‍රති­ක්ෂේප කරන බවයි.

“ජනා­ධි­පති උප­දේ­ශක ආශු මාර­සිංහ මා සහ සජිත් ප්‍රේම­දාස අතර හමු­වක් සිදු වූ බව කියන එක සම්පූ­ර්ණ­යෙන්ම අස­ත්‍ය­යක්. එවැනි හමු­වී­මක් සිදු වුණේ නැහැ. මට ඔහුව හමු­වී­මට හේතු­වක් නැහැ,” යැයි නාමල් රාජ­පක්ෂ මහතා එහි සඳ­හන් කර තිබේ.

Dinamina