Saturday, October 19, 2024
Follow Us
’’මං නැත්නම් ජනපතිවරණයකුත් නෑ’’

තමා කැබිනට් මණ්ඩලයේ සිටියේ නැතිනම්  2024 ජනාධිපතිවරණ මැතිවරණයක් කියා දෙයක් නොපැවත්වෙන බවත් ඒ පිළිබඳව සියලු කාරණා ඉදිරියේදී හෙළිදරව් කරන බවත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ  ජනාධිපතිධූර අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා එසේ සඳහන් කළේ විජයග්‍රහණයේ පෙර දැක්ම නමින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී විශේෂිත නියෝජිත සමුළුවට සහභාගි වෙමිනි.

විජයදාස රාජපක්ෂ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ කිසිවෙකු ශ්‍රිලනිප පාක්‍ෂිකයාගේ සහය නැතුව ජනාධිපති වීමට සිතනවා නම් එය කළ නොහැක්කක් බවයි.එහෙත් ඡන්ද තිබෙන්නේ පක්ෂ මූලස්ථානයේ නොව ඡන්ද තිබෙන්නේ මහපොළොවේ බවද විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. මෙය ඉතාම සුවිශේෂී මැතිවරණයක් බවත් රටේ පැවැත්ම හෝ වැනසීම තීරණය වන්නේ ද මෙම මැතිවරණයෙන් බවද ඔහු කීය.

තමා ජනාධිපති වන්නේ මිහිඳු හිමියන් දේවානම්පියතිස්ස රජතුමාට දුන් අවවාදය අනුව යමින් රටේ අයිතිකාරයා වීමට නොව භාරකාරයා වීමට යයිද ඔහු සඳහන් කළේය.

මෙහිදී ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පිළිගැනීමේ කතාව සිදු කළේය.ඊට අමතරව සර්ව ආගමික නායකයෝද විජයදාස රාජපක්ෂ මහතාට ආශිර්වාදය පළ කරමින් අදහස් දැක්වූහ.

Lankadeepa