Saturday, October 19, 2024
Follow Us
කැපකිරීම් කළ යුත්තේ රටේ නායකයායි

බංකොලොත්භාවයෙන් ගොඩ ඒමේ දී රටට ආදර්ශයක් වෙමින් පළමුව කැපකිරීම් කළ යුත්තේ රාජ්‍ය නායකයා වුවත් අප රටේ කැපකිරීම් කරන්නේ සාමාන්‍ය ජනතාව පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී සුපිරි ධානපතියන් කෝටිපතියන් බේරා මෙරට වැඩ කරන ජනතාවගේ අර්ථසාධකයට බලපෑම් කළ බවත් වැඩ කරන ජනතාව මෙන්ම සුපිරි ධනවතුන්ද කැපකිරිම් කළ යුතු බවට තමා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට පැවසූ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

තමන් මෑත දිනයකදීත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමු වී රටේ සිදුවිය යුතු වෙනස්කම් සහ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් සමගි ජන බලවේගයේ භික්ෂු උපදේශක සභාව කුරුණැගලදී අමතමින් ඔහු පැවසිය.

අද වන විට විවිධ ප්‍රශ්න ගැටලු නිසා බොහෝ විහාරස්ථාන වැසී ගොස් ඇති බවත් විහරස්ථාන පද්ධතිය රැකගන්න විහාරස්ථාන කැපකරු මාපිය ක්‍රමයක් ඇති කර විහාරස්ථාන දියුණු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Lankadeepa